Friday, April 22, 2011

මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගනී ?



ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලිංග තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ තම ශාරීරික සෞඛ්‍ය යහපත් අතට හරි ඇති නමුත් දණහිසේ පවතින අබාධ තත්වය මෙම තීරණය ගැනීමට මුලික හේතුව වූ බවයි. දීර්ගකාලීනව පන්දු යැවීමේ හා පන්දු රැකීමේ නිරතවීමෙන් මෙම අබාධ තත්වය තව දුරටත් උත්සන්න විය හැකි බව මාලිංග පවසයි.

කෙසේ වෙතත් තමන් තව දුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින හා විස්සයි විස්ස තරග සදහා සහභාගි වන බව මාලිංග ප්‍රකාශ ඇත. තව දුරටත් ටෙස්ට් තරග වල නිරතවීම තුලින් තමාට එක්දින හා විස්සයි විස්ස තරග සදහා සහභාගී වීමට ඇති කාලය අවම වන බව ඔහුගේ අදහස වී ඇත.

නමුත් ලසිත් මාලිංග තවම තම සමුගැනීම පිලිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කර නොමැති බව වාර්තාවේ.

No comments:

Post a Comment