Thursday, May 26, 2011

තරඟාවලියට සුදානම්



අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයේ සංචාරය කොට ඇත්තේ 2006 වසරේදීය. එම තරගාලියේදී කණ්ඩායම් ද්විත්වයම තරගය බැගින් ජය ගෙන සම ජයක් ලබන්නට සමත් විය. වසර පහකට පසුව එංගලන්තයේ සංචාරයක නිරතවන ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය සංචාරය ඉතා වැදගත් එකකි. මන්ද මෙම තරගාවලියේ තීරණයට වත්මන් ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයට බලපෑමක් කල හැකි හෙයිනි. දැනට ටෙස්ට් වර්ගීකරණයේ එංගලන්ත කණ්ඩායමට පසුපසින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ටෙස්ට් තරගාවලිය ජයගත හැකි වුවහොත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම වල ඉදිරියට පැමිණීමට අවස්ථාව හිමි වේ.

තරගාවලියට ප්‍රථම පුහුණු තරග දෙකකට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග දෙකම ජය ගනිමින් ජයග්‍රාහී මානසිකත්වයෙන් පසුවේ. එය ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් රුකුලක් වනු ඇත. මෙම පහුණු තරගයන් දෙකෙහිම කැපිපෙනෙන ලක්ෂණය වුයේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ අඩුවයි. එහෙත් රංගන හේරත් අජන්ත මෙන්ඩිස් මෙන්ම දෙවැනි පුහුණු තරගයට සහභාගී වූ සුරාජ් රන්දිව් ද කැපිපෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. දෙවැනි පුහුණු තරගයේදී කණ්ඩායමට එක් වූ සුරාජ් රන්දිව් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීමට සමත් වීමද කැපිපෙනුනි. එහි දී රන්දිව් පළමු ඉනිමේදී නොදැවී ලකුණු 76ක් ද දවැනි ඉනිමේදී ලකුණු 29ක් ද ලබා ගැනීමට සමත් විය.

කෙසේ  වෙතත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන දිල්හාර ප්‍රනාන්දු සහ නුවන් ප්‍රදීප් ආබාධයන්ට ලක්ව ඇත. මොවුන් දෙදෙනාම පුහුණු තරගයන් හිදී සාර්ථක වූ පන්දු යවන්නන් හෙයින් මොවුන් අහිමි වීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇත.

එංගලන්ත, ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය මැයි 26 දින පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන ටෙස්ට් තරගය ජුනි මස 02 දින ලන්ඩන් නුවර සුප්‍රකට ලෝඩ්ස් පිටියේ පැවැත්වීමට නියමිතය.තරගාවලියේ තෙවන හා අවසාන ටෙස්ට් තරගය ජුනි 16 දින සවුත්හැම්ෆ්ට් හි රෝස් බෝව්ල් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය.

Thursday, May 19, 2011

ජයග්‍රාහී පෙරහුරුවක් සමගින්



ටෙස්ට් හා එක්දින තරගාවලියක් සදහා එංගලන්තයට පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම තුන දින පුහුණු තරගයෙන්  එංගලන්තයේ Middlesex කණ්ඩායම කඩුලු හතරකින් (4) පරාජය කරන්නට සමත්විය. මෙම පුහුණු තරගය සදහා හිටපු නායක කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන තිසර පෙරේරා හා සුරාජ් රන්දිව් ක්‍රීඩා නොකළ අතර ඊට හේතුව වුයේ ඒ වනට විටත් ඔවුන් ඉන්දීය ප්‍රිමිය ලිග් තරගාවලියට සහභාගී වී සිටි බැවිනි.කෙසේ වෙතත් අත්දැකීම් අඩු නවකයන් බහුතරයකින් යුක්ත වු  පුහුණු සංචිතය මෙම පුහුණු තරගය ජය ගැනීම ශ්‍රී ලංකික ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබද සුබ ලකුණකි. මෙම තරගයේදී පිතිකරණ අංශයෙන් නායක තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, දිනේෂ් චන්දිමාල් හා තිලාන් සමරවීර දස්කම් දැක්වීමට සමත් විය. එසේම පන්දු යැවීමේ අංශයෙන් චානක වෙලගෙදර , අජන්ත මෙන්ඩිස් සහ රංගන හේරත් කැපී පෙනුනි.

අද (19)  ඇරඹෙන දෙවන තුන් දින පුහුණු තරගය England Lions සමග පැවැත්වීමට නියමිත අතර එම තරගය සදහා පළමු පුහුණු තරගය සදහා ක්‍රීඩා නොකල  කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන එක් වෙනු ඇති වාර්තා වේ.


පළමු පුහුණු තරගයේ ලකුණු සටහන.

Middlesex කණ්ඩායම පළමු ඉනිම 360/8
ඇන්ඩෲ ස්ට්‍රාවුස් 151, ඩැන් හවුස්ගෝ 104, මාලන් 26
චානක වෙලගෙදර 92/2 , අජන්ත මෙන්ඩිස් 83/2 , රංගන හේරත් 67/2


ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම 309/2
තිලකරත්න ඩිල්ෂාන් 123, තරංග පරණවිතාන 103, දිනේෂ් චන්දිමාල් නොදැවී 42
ඇන්තනි අයර්ලන්ඩ් 57/0


Middlesex කණ්ඩායම දෙවැනි ඉනිම සියලු දෙන දැවී 161
මාලන් 34, ඇන්ඩෲ ස්ට්‍රාවුස් 25
 චානක වෙලගෙදර 39/3, අජන්ත මෙන්ඩිස් 28/3, සුරංග ලක්මාල් 40/2


ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම 216/6
 තිලාන් සමරවීර 49, දිනේෂ් චන්දිමාල් 39, ලහිරු තිරිමාන්න 33
ටොම් ස්මිත් 45/2

Saturday, May 14, 2011

ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් තරග කාල සටහන එළිදකී.

 
 
එක ක්‍රීඩාංගනයක් කණ්ඩායම් හතක් (7) දින දහ අටක් (18) තරග විසි හතරක් (24) සමගින් එක් කුසලානයක් සදහා තරග වදින ශ්‍රී ලංකා ප්‍රිමිය ලිග් තරගාවලියේ තරග කාල සටහන එලි දක්වා ඇත.

ශ්‍රී ලංකා ප්‍රිමිය ලිග් තරගාවලියේ තරග කාල සටහනට මෙතනින් පිවිසෙන්න

මෙම සියලු තරග ලොව පුරා සජීවීව විකාශය කිරීමට මේ වන විටත් කටයුතු සුදානම් කර ඇති බවද වාර්තාවේ. නමුත් තරග වදින කණ්ඩායම් හි ක්‍රීඩක සංයුතිය පිළිබද තවම වාර්තා වී නොමැත.
 
 

Wednesday, May 11, 2011

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අභියෝගයක්



ටෙස්ට් තරග තුනක් එක්දින තරග පහක් සහ විස්සයි විස්ස තරගයකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය සදහා සහභාගීවීම නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයේදී දිවයිනෙනේ පිටත් විය.

කණ්ඩායම දිවයිනෙන් පිටත් වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු වන හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මාවන් අතපත්තු පැවසුවේ එංගලන්තයේ පවතින වෙනස් තණතීරු සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉක්මනින් හැඩගැසිය යුතුබවයි. තව දුරටත් අදහස් දැක්වූ මාවන් අතපත්තු පැවසුවේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් හමුවේ ඇති ලොකුම අභියෝගය වනුයේ එංගලන්තයේ ගිම්හාන ඍතුව ආරම්භයේ පවතින තත්වයන්ට අනුගතවීමයි


‌‍එංගලන්තය සමගින් තරග වලට සහභාගී වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් එංගලන්තයේදීම අයර්ලන්තය හා ස්කොට්ලන්තය සමගින් එක්දින තරග 2ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත එම තරග දෙක ජුලි 11 සහ 13 යන දෙදින තුල පැවැත්වේ

Wednesday, May 4, 2011

ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් තරගාවලියේ නිල ලාංඡන එලි දැක්වේ.

ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් තරගාවලියේ නිල ලාංඡනය


කණ්ඩායම් නායකයින්


කණ්ඩායම් නිල ලාංඡන








Sunday, May 1, 2011

ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් (SLPL)



ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන හා දරන ලද ක්‍රීඩකයන් නැවතත් නායකයින් ලෙසින් මුහුණට මුහුණ හමුවන අන්තර් පළාත් 20-20 ක්‍රිකට් තරගාවලිය මෙවර විශේෂ මුහුණුවරකින් පැවැත්වීමට නියමිතව ඇත.

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන ටි.ම්. ඩිල්ෂාන් (බස්නාහිර), කුමාර සංගක්කාර (කදුරට), මහේල ජයවර්ධන (වයඹ), සනත් ජයසුරිය (රුහුණ) සහා චමින්ද වාස් (ඌව) යන නායකත්වයන්ගෙන් සමන්විත වේ. මිට අමතරව නැගෙනහිර හා උතුරු පාළාත් හි නායකත්වය පිළිවලින් පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් නායක සයිඩ් අෆ්රිඩි සහ නවසිලන්ත ක්‍රිකට් නායක ඩැනියල් විටෝරි විසින් දරනු ලබයි.

ඩැනියෙල් විටෝරි

සහිඩ් අෆ්රිඩි

මෙම තරගාවලිය සදහා අන්තර්ජාතික තලයේ සුපිරි ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කිරීමට නියමිත අතර ඒ අතරින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් වන ක්‍රිස් ගේල්, බ්‍රාවෝ සොහොයුරන්, ඉන්දීය ක්‍රීඩකයින් වන ඉර්ෆාන් හා යුසුෆ් පතාන්, ද.අප්‍රිකානු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන ඩේවිඩ් වෝනර් සහ ෂෝන් ටෙයිට්‌ යන අය සුවිශේෂී වේ.


එක් කණ්ඩායමක් හා විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් එක්වුවත් එක් තරගයකදී ක්‍රීඩාකළ හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව සිව්දෙනෙක් දක්වා සිමාකර ඇත. ජූලි 15 වනදා ආරම්භවන මෙම තරගාවලිය පුරා දින 18 පැවැත්වීමට නියමිතව ඇත.මෙවැනි ආකාරයේ තරගාවලියක් ලංකාව තුල සංවිධානය වන්නේ පළමු වරට වන අතර එහෙයින් මෙය වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගනු ඇති විස්වාස කෙරේ.


කෙසේ වෙතත් සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙම තරගාවලිය සදහා සහභාගීවනවාද යන්න තීරණය කරනොමැත.