Sunday, May 1, 2011

ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් (SLPL)



ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන හා දරන ලද ක්‍රීඩකයන් නැවතත් නායකයින් ලෙසින් මුහුණට මුහුණ හමුවන අන්තර් පළාත් 20-20 ක්‍රිකට් තරගාවලිය මෙවර විශේෂ මුහුණුවරකින් පැවැත්වීමට නියමිතව ඇත.

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන ටි.ම්. ඩිල්ෂාන් (බස්නාහිර), කුමාර සංගක්කාර (කදුරට), මහේල ජයවර්ධන (වයඹ), සනත් ජයසුරිය (රුහුණ) සහා චමින්ද වාස් (ඌව) යන නායකත්වයන්ගෙන් සමන්විත වේ. මිට අමතරව නැගෙනහිර හා උතුරු පාළාත් හි නායකත්වය පිළිවලින් පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් නායක සයිඩ් අෆ්රිඩි සහ නවසිලන්ත ක්‍රිකට් නායක ඩැනියල් විටෝරි විසින් දරනු ලබයි.

ඩැනියෙල් විටෝරි

සහිඩ් අෆ්රිඩි

මෙම තරගාවලිය සදහා අන්තර්ජාතික තලයේ සුපිරි ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කිරීමට නියමිත අතර ඒ අතරින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් වන ක්‍රිස් ගේල්, බ්‍රාවෝ සොහොයුරන්, ඉන්දීය ක්‍රීඩකයින් වන ඉර්ෆාන් හා යුසුෆ් පතාන්, ද.අප්‍රිකානු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන ඩේවිඩ් වෝනර් සහ ෂෝන් ටෙයිට්‌ යන අය සුවිශේෂී වේ.


එක් කණ්ඩායමක් හා විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් එක්වුවත් එක් තරගයකදී ක්‍රීඩාකළ හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව සිව්දෙනෙක් දක්වා සිමාකර ඇත. ජූලි 15 වනදා ආරම්භවන මෙම තරගාවලිය පුරා දින 18 පැවැත්වීමට නියමිතව ඇත.මෙවැනි ආකාරයේ තරගාවලියක් ලංකාව තුල සංවිධානය වන්නේ පළමු වරට වන අතර එහෙයින් මෙය වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගනු ඇති විස්වාස කෙරේ.


කෙසේ වෙතත් සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙම තරගාවලිය සදහා සහභාගීවනවාද යන්න තීරණය කරනොමැත.





No comments:

Post a Comment