Tuesday, April 19, 2011

ටි.ම් ඩිල්ශාන් නායකත්වයට


ලෝක කුසලාන අවසාන මහා තරගයෙන් අනතුරුව නායක කුමාර් සංගක්කාර ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ නායකත්වයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ටි.ම් ඩිල්ශාන් පත්කොට තිබේ. තේරීම කමිටුවේ ඒකමතික තීරණයකට අනුව සිදුවූ මෙම පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද මහතාගේ අනුමැතිය හිමිවූ බව තේරීම් කමිටු සභාපති දුලිප් මෙන්ඩිස් මහතා පැවසුවේය.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටි.ම් ඩිල්ශාන් හට පැවරෙනු ඇත.

ඒ  අතරම ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා පත් කිරීම කල්යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වේ. ඊට හේතුව වී ඇත්තේ උප නායකත්වයට යෝජනා කර ඇති ක්‍රීඩකයින් අබාධයන්ට ලක්ව ඇති නිසා ඔවුන් එංගලන්ත සංචාරයට සහභාගීවීම අවිනිශ්චිත විය හැකි බැවිනි. බොහෝ විට මෙම උපනායක තනතුර සදහා ඇන්ජලෝ මැතිව්ස් පත්කෙරනු ඇති බව ක්‍රිකට් විචාරකයින්ගේ මත වී ඇත.

No comments:

Post a Comment