Sunday, February 20, 2011

ජයග්‍රාහී ආරම්භය

ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ඉදි වූ නව හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ පැවති පලමු ක්‍රිකට් තරගයෙන් කැනඩා කණ්ඩායමට එරහිව ලකුණු 220ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් නායක කුමාර සංගක්කාර නව තණතීරුවේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදී ඒ අනුව පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් යුවල වූ තිලකරත්න දිල්ශාන් හා උපුල් තරoග අතර පලමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සම්බන්දතාවයක් ගොඩනගන ලදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට නතු වෙද්දී උපුල් තරoග ලබා සිටි ලකුණු සoඛයාව 19ක් විය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පිලේ මුලු ලකුණු සoඛයාව 88 වනවිට දෙවන කඩුල්ල ලෙස තිලකරත්න දිල්ශාන් පිටියෙන් ඉවත් වන විට ඔහු ලබා සිටි ලකුණු සoඛයාව 50ක් විය.

ඉන් අනතුරුව නායක කුමාර සංගක්කාර හා එක් වූ උප නායක මහේල ජයවර්ධන එක්ව ගොඩ නැoවූ සබදතාවය ලකුණු 179ක් විය එහිදී නායක කුමාර සංගක්කාර පන්දු 87ක් වැය කරමින් ලකුණු 92ක් රැස් කල අතර මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලෝක කුසලාන තරගයකදී ක්‍රිඩකයකු රැස්කල වේගවත්ම ශතකයට හිමිකම් කියමින් පන්දු 81 තුල ලකුණු 100ක් ලබා ගැනීමට සමත් විය.


මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පන්දු ඕවර 50 අවසන් වෙද්දී ලකුණු පුවරුවේ 332/7 ලෙස සටහන් විය.

ලකුණු 333 ඉලක්කය කරා හබා යෑමට පිටියට පිවිසි කැනඩා කණ්ඩායමට පන්දු ඕවර 36 පන්දු 5ක් තුලදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 122ක් පමණි එහිදී පන්දු 35ක් තුලදී ලකුණු 37ක් රැස්කල රිස්වාන් චීමා කැනඩා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විය. මෙහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නුවන් කුලසේකර 16/3 ද තිසර පෙරේරා 24/3 හා මුත්තයියා මුරලිදරන් 38/2 ලෙසද පන්දුවෙන් දස්කම් දැක්වීය.

තරගයේ වීරයා ලෙස පන්දු 81ක් තුලදී ලකුණු 100 රැස්කල මහේල ජයවර්ධන නම් කරන ලදී.

No comments:

Post a Comment