Tuesday, April 26, 2011

සමු ගැනීම නිල වශයෙන් දැනුම් දෙයි



ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට අද පෙරවරුවේ ලිඛිතව දැනුම් දුන් බව ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේය.

ටෙස්ට්  ක්‍රිකට් ක්‍රීඩා කිරීමේදී ඔහුගේ පාදයේ ආබාධය උත්සන්න වීම මෙම සමුගැනීමට හේතුව ලෙස දක්වා ඇත.

කෙසේ  වෙතත් ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමු ගන්නා බවට ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.

සමුගන්නා මොහොත වන විට ටෙස්ට් තරග 30 කට ක්‍රීඩා කර ඇති මාලිංග දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 101 කි එයට කඩුලු 5 බැගින් දවා ගත් අවස්ථා 3 ක්ද  ඇතුලත්ය.

කෙසේ  වෙතත්මාලිංග තව දුරටත් එක්දින හා විස්සයි විස්ස තරග සදහා සහභාගී වනු ඇත.




Friday, April 22, 2011

මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගනී ?



ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලිංග තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ තම ශාරීරික සෞඛ්‍ය යහපත් අතට හරි ඇති නමුත් දණහිසේ පවතින අබාධ තත්වය මෙම තීරණය ගැනීමට මුලික හේතුව වූ බවයි. දීර්ගකාලීනව පන්දු යැවීමේ හා පන්දු රැකීමේ නිරතවීමෙන් මෙම අබාධ තත්වය තව දුරටත් උත්සන්න විය හැකි බව මාලිංග පවසයි.

කෙසේ වෙතත් තමන් තව දුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින හා විස්සයි විස්ස තරග සදහා සහභාගි වන බව මාලිංග ප්‍රකාශ ඇත. තව දුරටත් ටෙස්ට් තරග වල නිරතවීම තුලින් තමාට එක්දින හා විස්සයි විස්ස තරග සදහා සහභාගී වීමට ඇති කාලය අවම වන බව ඔහුගේ අදහස වී ඇත.

නමුත් ලසිත් මාලිංග තවම තම සමුගැනීම පිලිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කර නොමැති බව වාර්තාවේ.

Wednesday, April 20, 2011

කණ්ඩායම නම් කරයි


එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේදී නම් කරන ලදී. මෙම සංචාරයේදී ශ්‍රී ලංකා  කණ්ඩායමේ නායකත්වය ටි.ම් දිල්ශාන් විසින් දරනු ලබයි.

ටෙස්ට්  තරගාවලිය සදහා නම් කල කණ්ඩායම මෙසේය.

  • තිලකරත්න දිල්ශාන් (නායක)
  • කුමාර් සංගක්කාර
  • මහේල ජයවර්ධන 
  • තරංග පරණවිතාන
  • ලහිරු තිරිමාන්න
  • තිලාන් සමරවීර
  • දිනේෂ් චන්දිමාල්
  • ප්‍රසන්න ජයවර්ධන
  • තිසර පෙරේරා
  • සුරාජ් රන්දිව්
  • අජන්ත මෙන්ඩිස්
  • රංගන හේරත්
  • දිල්හාර ප්‍රනාන්දු
  • චානක වෙලගෙදර
  • සුරංග ලක්මාල්
  • නුවන් ප්‍රදීප්

Tuesday, April 19, 2011

මාවන් අතපත්තු නැවතත් කණ්ඩායමට ?



හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක හා ප්‍රවීණ පිතිකරුවකු වූ මාවන් අතපත්තු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ නව පිතිකරු පුහුණකරු ලෙස පත්කර ඇතැයි ක්‍රිකට් අතුරු කමිටුව නිවේදනය කරයි.

මේ අතරම ඉදිරියේදී ආරම්භවන ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයකු වන ස්ටුවර්ට් ලෝ මහතා පත්කර ඇති බවට වාර්තා වේ. කෙසේ වෙතත් මෙම පත්කිරීම එංගලන්ත සංචාර සදහා පමණක් සිමා වන තාවකාලික පත්කිරීමක් බව පැවසේ. ඒ අනුව එංගලන්ත සංචාරයෙන් අනතුරුව නව පුහුණුකරුවෙකු පත්කරනු ඇත.

ස්ටුවර්ට් ලෝ

ටි.ම් ඩිල්ශාන් නායකත්වයට


ලෝක කුසලාන අවසාන මහා තරගයෙන් අනතුරුව නායක කුමාර් සංගක්කාර ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ නායකත්වයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ටි.ම් ඩිල්ශාන් පත්කොට තිබේ. තේරීම කමිටුවේ ඒකමතික තීරණයකට අනුව සිදුවූ මෙම පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද මහතාගේ අනුමැතිය හිමිවූ බව තේරීම් කමිටු සභාපති දුලිප් මෙන්ඩිස් මහතා පැවසුවේය.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටි.ම් ඩිල්ශාන් හට පැවරෙනු ඇත.

ඒ  අතරම ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා පත් කිරීම කල්යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වේ. ඊට හේතුව වී ඇත්තේ උප නායකත්වයට යෝජනා කර ඇති ක්‍රීඩකයින් අබාධයන්ට ලක්ව ඇති නිසා ඔවුන් එංගලන්ත සංචාරයට සහභාගීවීම අවිනිශ්චිත විය හැකි බැවිනි. බොහෝ විට මෙම උපනායක තනතුර සදහා ඇන්ජලෝ මැතිව්ස් පත්කෙරනු ඇති බව ක්‍රිකට් විචාරකයින්ගේ මත වී ඇත.

Saturday, April 16, 2011

IPL 2011



ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේ සිව්වන අදියර අප්‍රේල් මස 8 වන දින ආරම්භ වූ අතර එය අවසාන වීමට නියමිතව ඇත්තේ මැයි මස 28 දිනය. මෙවර තරගාවලියට සම්බන්ද වී ඇති කණ්ඩායම් සංඛ්‍යාව දහයකි ඒ නවතම කණ්ඩායම් යුගලයක් වූ Kochi Tusker Kerala සහ Pune Warriors ද සමගින්ය. මෙහි Kochi Tusker Kerala කණ්ඩායම මෙහයවිමේ වගකීම හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක මහේල ජයවර්ධනට හිමිව ඇති අතර ඔහුත් සමග මුත්තයියා මුරලිදරන් සහ තිසර පෙරේරා ද Kochi Tusker Kerala කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබයි. මිට අමතරව Deccan Chargers කණ්ඩායමේ නායකත්වය ද හිමිව ඇත්තේ හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයකු වූ කුමාර් සංගක්කාර වෙතටය. කුමාර් සංගක්කාර පෙර IPL තරගාවලියේදී Kings XI Punjab කණ්ඩායමේ නායකත්වය ද දරන ලදී.

IPL 2011 තරගාවලිය සදහා තරග වදින කණ්ඩායම් මෙසේය.

  Chennai Super Kings

  Deccan Chargers

  Delhi Daredevils

  Kings XI Punjab

  Kochi Tusker Kerala

  Kolkata Knight Riders

  Mumbai Indians

  Pune Warriors

  Rajasthan Royals

  Royal Challengers Bangalore