Friday, February 25, 2011

තරගයට පෙර පුහුණුවේදී

අද එනම් 26 දින ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 2.30 ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම තරගය සදහා පෙර පුහුණු වීම වල නිරතවන ශ්‍රී ලංකා ක්‍රිඩකයින් මෙසේ කැමරා කාචයේ සටහන් විය.

Sunday, February 20, 2011

ජයග්‍රාහී ආරම්භය

ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ඉදි වූ නව හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ පැවති පලමු ක්‍රිකට් තරගයෙන් කැනඩා කණ්ඩායමට එරහිව ලකුණු 220ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් නායක කුමාර සංගක්කාර නව තණතීරුවේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදී ඒ අනුව පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් යුවල වූ තිලකරත්න දිල්ශාන් හා උපුල් තරoග අතර පලමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සම්බන්දතාවයක් ගොඩනගන ලදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට නතු වෙද්දී උපුල් තරoග ලබා සිටි ලකුණු සoඛයාව 19ක් විය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පිලේ මුලු ලකුණු සoඛයාව 88 වනවිට දෙවන කඩුල්ල ලෙස තිලකරත්න දිල්ශාන් පිටියෙන් ඉවත් වන විට ඔහු ලබා සිටි ලකුණු සoඛයාව 50ක් විය.

ඉන් අනතුරුව නායක කුමාර සංගක්කාර හා එක් වූ උප නායක මහේල ජයවර්ධන එක්ව ගොඩ නැoවූ සබදතාවය ලකුණු 179ක් විය එහිදී නායක කුමාර සංගක්කාර පන්දු 87ක් වැය කරමින් ලකුණු 92ක් රැස් කල අතර මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලෝක කුසලාන තරගයකදී ක්‍රිඩකයකු රැස්කල වේගවත්ම ශතකයට හිමිකම් කියමින් පන්දු 81 තුල ලකුණු 100ක් ලබා ගැනීමට සමත් විය.


මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පන්දු ඕවර 50 අවසන් වෙද්දී ලකුණු පුවරුවේ 332/7 ලෙස සටහන් විය.

ලකුණු 333 ඉලක්කය කරා හබා යෑමට පිටියට පිවිසි කැනඩා කණ්ඩායමට පන්දු ඕවර 36 පන්දු 5ක් තුලදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 122ක් පමණි එහිදී පන්දු 35ක් තුලදී ලකුණු 37ක් රැස්කල රිස්වාන් චීමා කැනඩා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විය. මෙහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නුවන් කුලසේකර 16/3 ද තිසර පෙරේරා 24/3 හා මුත්තයියා මුරලිදරන් 38/2 ලෙසද පන්දුවෙන් දස්කම් දැක්වීය.

තරගයේ වීරයා ලෙස පන්දු 81ක් තුලදී ලකුණු 100 රැස්කල මහේල ජයවර්ධන නම් කරන ලදී.

Saturday, February 12, 2011

ශ්‍රි ලංකා කණ්ඩායම සාර්ථක පෙරහුරුවක


ශ්‍රි ලංකා කණ්ඩායම මුහුණදුන් ලෝක කුසලාන පළමු පුහුණු තරඟයේ දී නෙදර්ලන්තය පරදා ලකුණු 156 විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ලංකාව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කරන ලද අතර ඒ අනුව පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් උපුල් තරංග(47) හා තිලකරත්න ඩිල්ශාන්(78) අතර ලකුණු 117ක අගනා සම්බන්ධතාවයක් ගොඩනගන ලදී.ඒ අතර තිලාන් සමරවීර ලකුණු 60ක් ද චාමර සිල්වා ලකුණු54ක් ද චාමර කපුගෙදර නොදැවී ලකුණු 50ක් රැස් කරමින් පන්දු ඕවර 50ක් අවසානයේ ශ්‍රි ලංකා ලකුණු පුවරුව ලකුණු 351 දක්වා රැගෙන ඒමට සමත්විය.

අනතුරුව පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට දිල්හාර ප්‍රනාන්දු (43/4) තිසර පෙරේරා (16/2) හා රංගන හේරත් (11\2) ගේ දක්ශ පන්දු යැවීම හමුවේ පන්දු ඕවර 47.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබගත හැකි වූයේ ලකුණු 195ක් පමණි.

Friday, February 11, 2011

මහේල නැවතත් නායකත්වයට?

කැරලිකාර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ 4වන අදියර සදහා මේ වසරේ එක් වූ නවතම කණ්ඩායමක් වූ කොචි කණ්ඩායම මෙහය වීමේ අවස්ථාව හිමිව ඇත්තේ ශ්‍රි ලංකාවේ හිටපු දක්ෂතම නායකයකු වූ එමෙන්ම දැනට ශ්‍රි ලංකා කණ්ඩායමේ උපනායකත්වය උසුලන මහේල ජයවර්ධන හටය.මේ පිළිබඳව අදහස් දක්වන ලද මහේල පවසා ඇත්තේ මෙය ඔහුට පෞද්ගලිකවම අභියෝගාත්මක කාරණාවක් වන බවය.

මෙවර ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මුදලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා ලෙස මහේල ජයවර්ධන ඇමරිකානු ඩොලර් මිලියන 1.5කට අලෙවි විය.

මහේල සමඟ ශ්‍රි ලාංකික ක්‍රිඩකයන් වන මුත්තයියා මුරලිදරන් සහ තිසර පෙරේරා "කොචි" කණ්ඩායම වෙනුවෙන් ක්‍රිඩා කරනු ලබයි.

මුරලි ඕස්ට්‍රේලියාවට උගන්වයි?

ලංකාවෙන් බිහිවූ සුපිරි පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නව දග පන්දු පුහුණුකරුවා ලෙසට එක්වීමට සූදානමින් සිටින බවට විදෙස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඒ අනුව ඉදිරි කාලයේදි මුරලිදරන් විසින් තම තීරණය නිල වශයෙන් දැනුම් දෙනු ඇතයි ඕස්ට්‍රේලියානු මධ්‍ය උපුටා දක්වයි.

මේ වන විට ටෙස්ට් තරඟ 133කට ක්‍රීඩා කර මුරලිදරන් කඩුලු 800ක් දවාගෙන ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව ඔහු සතුකොට ගෙන ඇත. තවද එක්දින තරඟ 341 ක්‍රීඩා කරමින් ප්‍රතිවාදී කඩුලු 519 තමන්සතු කරගැනීමට ඔහු සමත් වී ඇත.කෙසේ වුවද මුරලිදරන් යනු පන්දුව දමා ගසන්නෙකු බවට වරෙක චෝදනා කරනු ලැබුවේ ඕට්‍රේලියානු විනිසුරුවරයෙකු වූ ඩැරල් හෙයා විසින් බවද මාධ්‍ය විසින් සිහිපත් කරන ලදී.

මුත්තයියා මුරලිදරන් සහ ඕට්‍රේලියානු විනිසුරු ඩැරල් හෙයා

පල්ලේකැලෙන් සූරියවැවට, සූරියවැවෙන් එස්.එස්.සී පිටියට

ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රි ලංකාව මුහුණ දීමට නියමිත පළමුවැනි තරගය වන ශ්‍රි ලංකා පිල හා නෙදර්ලන්ත පිල අතර තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රිඩාංගනයේ දී නොපැවෙත්වෙන අතර එය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ පැවැත්වීමට තීරණය කල බව පසුගියදා අපට දැනගන්නට ලැබුනි. එහෙත් ඊයේ දිනයේදී දැනගන්න ලැබුනේ එම තරඟය දිවා රාත්‍රී තරඟයක් ලෙස 2011.02.12 දින කොළඹ එස්.එස්.සී පැවැත්වෙන බවය.

මහනුවර පල්ලේකැලේ ක්‍රිඩාංගනය

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනය

කොළඹ එස්.එස්.සී පිටිය

Thursday, February 10, 2011

ලෝක කුසාලානය 2011

පහත දැක්වෙන්නේ 2011 පෙබරවාරි 19 දින ඇරඹෙන ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහනයි. මෙම ක්‍රිකට් වසන්තයේ සියලුම තරග සජීවීව ගෙන ඒමට Lionscricketinfo.blogspot.com බලාපොරොත්තු වන බව සතුටින් දන්වා සිටින්නෙමු.